මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බංග්ලාදේශ කණ්ඩායම, එම කාලසීමාව තුළ සිය රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් නවතම විස්සයි20 ලීග් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ‘Odommo Bangladesh T20 Cup’ ලෙස නම් කර ඇත.
කණ්ඩායම් තුනකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර ලෝක කුසලානයට තෝරාගෙන සිටි සියලුම ක්‍රීඩකයින් ඇතුළුව එරට ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. එහිදී තරග වදින කණ්ඩායම් සහ ඒවායේ නායකත්වය දරන ක්‍රීඩකයින් පහත පරිදි වේ:
- Duronto XI – අක්බර් අලි
- Durbar XI – නජ්මුල් හොසේන් ෂැන්ටෝ
- Dhumketu XI – ලිටන් දාස්
මෙම තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (පෙබරවාරි 5) ආරම්භ වූ අතර, අවසන් මහා තරගය එළඹෙන පෙබරවාරි 9 වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග ඩකා හි ශෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මේ සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ටකා කෝටි 2.5ක (ඇමරිකානු ඩොලර් 204,504ක) මුදලක් වෙන් කර ඇත.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි