Menu

ලෝක කුසලාන අවසන් හතරට එන කණ්ඩායම් මෙන්න: ජේසන් ගිලෙස්පි නම් කළ ලැයිස්තුවේ ලංකාවත් ඉහළින්ම!

120

2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩිම ඉඩකඩක් ඇති කණ්ඩායම් හතර පිළිබඳව හිටපු ඔස්ට්‍රේලියානු ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් ගිලෙස්පි සිය අනාවැකි පළ කර තිබේ.

ඔහුගේ පුරෝකථනයට අනුව, මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් සමත් වනු ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් ගිලෙස්පි අවධාරණය කළේ, වර්තමාන ශ්‍රී ලංකා සංචිතය සතු දක්ෂතාවය සහ කණ්ඩායම් සමබරතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. උප මහාද්වීපික තණතීරු තුළ ක්‍රීඩා කිරීමේ පවතින හුරුපුරුදුකම සහ අත්දැකීම් ශ්‍රී ලංකාවට අමතර වාසියක් ගෙන දෙන බව පෙන්වා දෙන ඔහු, ඕනෑම ප්‍රබල කණ්ඩායමකට අභියෝගයක් එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *