Menu

සිංහ පැටව් අද ලෝක කුසලාන දඩයම අරඹයි.නායකයා ප්‍රේක්ෂකයින්ගේ සහය පතයි.

69

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරග කාලසටහනේ අද (08) දිනයෙත් තරග තුනක් පැවැත්වෙනවා.

පළමු තරගය ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර චෙන්නායි හිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට එම තරගය ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙන්නේ එංගලන්තය සහ නේපාලය අතරයි

එම නරගය අද (08) පස්වරු 3.00ට ආරම්භ ව්‍යාවා.

මේ අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ තරග බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමඟ අද තරග බිමට පිවිසෙන අතර, මෙම තරගට අද පස්වරු 7.00ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා

මේ අතර ලෝක කුසලාන නරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා

ඊයේ (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී දසුන් මේ බව සඳහන් කළා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *