Menu

ඉන්දු – පාකිස්තාන මහා සටනේ අලුත්ම බලාපොරොත්තුව මෙන්න! ආර්. ප්‍රේමදාසය කැළඹෙන ලොකුම තරගයේ හදිසි තීරණය මෙන්න!

290

ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයම දැඩි කුතුහලයකට පත් කරමින්, එළැඹෙන පෙබරවාරි 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන මහා සංග්‍රාමය පිළිබඳ අලුත්ම තොරතුරු වාර්තා වේ. මීට පෙර එම තරගය වර්ජනය කිරීමට පාකිස්ථානය ගත් තීරණය මේ වන විට වෙනස් වීමේ ලකුණු පහළ වී ඇති අතර, එය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් විශේෂ සිදුවීමක් බවට පත්ව ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමට පාකිස්ථානය මීට පෙර දැඩි තීරණයක් ගෙන තිබුණි. මෙම තත්ත්වය හමුවේ තරගයේ පැවැත්ම පිළිබඳ විශාල අවිශ්වාසයක් මතු වී තිබූ අතර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙදෙනෙකු හදිසියේම ලාහෝර් බලා පිටත්ව ගොස් තිබේ.

පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සහ ICC නියෝජිතයින් අතර පැවති මෙම ඉතා තීරණාත්මක සාකච්ඡාවලින් පසුව, පෙර පැවති දැඩි ස්ථාවරය ලිහිල් කිරීමට පාකිස්ථානය එකඟ වී ඇති බව වාර්තා වේ. පාකිස්ථාන ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සැලසුම් කළ පරිදි තරගය පැවැත්වීමට දැන් 99%කම ඉඩකඩක් පවතින බවයි.

මෙම හදිසි එකඟතාවයත් සමඟ, ‘A’ කාණ්ඩය යටතේ පැවැත්වෙන ලොව ඉහළම ක්‍රිකට් ආකර්ෂණය දිනාගත් ඉන්දු – පාකිස්ථාන ගැටුම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීම දැකබලා ගැනීමට ක්‍රිකට් ලෝලීන්ට නැවතත් අවස්ථාව උදා වී තිබේ. පාකිස්ථානය සිය තීරණය මෙලෙස හදිසියේ වෙනස් කිරීමට බලපෑ සැබෑ හේතුව පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැති වුවද, ක්‍රිකට් ලොව ඇතුළත ආරංචි මාර්ග පවසන්නේ මෙය ICC යේ දැඩි බලපෑමක් මත සිදු වූවක් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *