2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම අපේක්ෂිත තරගය වන ඉන්දියා – පාකිස්ථාන සටන පිළිබඳව පැවති සියලු අවිනිශ්චිතතා නිම කරමින්, පාකිස්ථාන රජය සිය කණ්ඩායමට තරගයට සහභාගී වීම සඳහා නිල අවසරය ලබා දී තිබේ. ඒ අනුව එළැඹෙන පෙබරවාරි 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නියමිත පරිදි මෙම මහා සංග්‍රාමය පැවැත්වීමට සියලු බාධක ඉවත් වී ඇත.
මෙම තීරණාත්මක වෙනස පිටුපස ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) සිදුවූ සුවිශේෂී දුරකථන සංවාදය ප්‍රබල ලෙස බලපා ඇති බව වාර්තා වේ. තරගය වර්ජනය කිරීමට පාකිස්ථානය ගෙන තිබූ තීරණය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් කණ්ඩායම එවීමට කටයුතු කරන ලෙස සුහදශීලී ඉල්ලීමක් සිදු කර තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි සමයේදී අනෙකුත් රටවල් මෙරට සංචාරය ප්‍රතික්ෂේප කරද්දී, පාකිස්ථානය නොපැකිළව සිය කණ්ඩායම් මෙරටට එවා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට දුන් සහය ජනාධිපතිවරයා කෘතවේදීව මතක් කර දී ඇත. දේශපාලනික කරුණුවලට වඩා දෙරටේ සබඳතාව ඉහළින් පවතින බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සැමවිටම පාකිස්ථානය අසීරු අවස්ථාවල පෑ සහයෝගය අගය කර ඇත. මෙම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමත් සමඟ, ලෝක කුසලාන කාලසටහනට අනුව පාකිස්ථාන කණ්ඩායම පෙබරවාරි 15 වනදා ඉන්දියාවට එරෙහිව පිටියට පිවිසීමට සියල්ල සූදානම් බව එරට රජය සිය නිල ‘X’ ගිණුම හරහා තහවුරු කර තිබේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි