විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕමානයට එරෙහිව අද (12) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ලකුණු 105ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ මෙතෙක් සහභාගී වූ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව, ප්‍රසාද ලකුණු සටහනේ ‘B’ කාණ්ඩයේ පෙරමුණ අත්පත් කර ගැනීමටද සමත්ව සිටියි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ඕමානයට ලකුණු 226ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය.
එම අසීරු ඉලක්කය හඹාගිය ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 120ක් පමණි.
ඕමාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 53ක් රැස්කළ අතර, වසීම් අලි ලකුණු 27ක් ලබා ගත්තේය. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 9 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක්වූ මහීෂ් තීක්ෂණ ලකුණු 11කට කඩුලු 2ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 19කට කඩුලු 2ක් බැගින් බිඳ හෙලූහ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි