Menu

ප්‍රබල ඉන්දීය පිළ සීතල යුද්ධය සඳහා ඊයේ යුධ පිටියට පිවිසීමට පැමිණෙයි!විශේෂ පුද්ගලයින් 12ක් ඒ අතර!

122

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම තීරණාත්මක සහ ලොවම බලා සිටින ඉන්දියා – පකිස්තාන මහා තරගය සඳහා සහභාගී වීමට ප්‍රබල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ‘ස්පයිසි ජෙට්’ ගුවන් සේවයට අයත් SG-9250 දරන විශේෂ ගුවන් යානයෙන් රාත්‍රී 09.45 ට මෙරටට ළඟා වූ ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩකයින් සහ නිලධාරීන් 41 දෙනෙකු ඇතුළත් විය.

මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ නිලධාරීන් 12 දෙනෙකු ද මෙම ගුවන් යානයෙන්ම දිවයිනට පැමිණීම විශේෂත්වයකි.

පවතින දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඉන්දීය කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් ගුවන් තොටුපළ බලධාරීන් සුවිශේෂී සූදානමකින් පසු වූ අතර, ඔවුන්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් ‘අධිවේගී’ නිශ්කාශන ක්‍රියාවලියක් දියත් කර තිබුණි.

ඒ අනුව ගුවන් යානයෙන් බැස විනාඩි 5ක් වැනි අතිශය කෙටි කාලයක් තුළ සියලුම නිල කටයුතු නිම කර කණ්ඩායම ගුවන් තොටුපළෙන් පිටත් කර හැරීමට බලධාරීන් පියවර ගත්තේය. මෙම වේගවත් මෙහෙයුම හරහා ඉහළ පෙළේ ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව සිය නවාතැන් වෙත ගමන් කිරීමට අවස්ථාව හිමි වූ අතර, දැන් මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා පොළොවේදී පැවැත්වෙන මෙම දැවැන්ත ඉන්දියා – පකිස්තාන ගැටුම දෙසටයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *