අද රාත්‍රියේ පැවැත්වෙන තීරණාත්මක තරඟය සඳහා ඉන්දීය සංචිතයේ සිටින ප්‍රබලම ප්‍රහාරක පිතිකරුවෙකු වන අභිෂේක් ෂර්මා (Abhishek Sharma) කණ්ඩායමට කැඳවීමට තීරණය කළ බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ස්ථිර කර සිටියි.
පසුගිය කාලසීමාව පුරාම ක්‍රිකට් විචාරකයින්ගේ අවධානයට ලක්ව සිටි අභිෂේක්, පිටියේ ඕනෑම දිශාවකට වේගවත් ප්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවකින් යුක්ත ක්‍රීඩකයෙකි. නායක සූර්යකුමාර් පවසන්නේ අද රාත්‍රියේ ප්‍රතිවාදී පන්දු යවන්නන් මෙල්ල කිරීම සඳහා තම කණ්ඩායම සතු “ප්‍රබලම තුරුම්පුව” ඔහු බවයි.
“අභිෂේක් කියන්නේ තරඟයක ස්වරූපය ඕනෑම මොහොතක වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අද රාත්‍රියේ ඔහු පිටියට එන එක අපේ කණ්ඩායමට ලොකු ශක්තියක්.” – සූර්යකුමාර් යාදව්.
අයි.පී.එල් (IPL) පිටියේ පෙන්වූ දක්ෂතා ජාත්‍යන්තර තලයේදීත් එලෙසම ප්‍රදර්ශනය කිරීමට අභිෂේක් සූදානමින් සිටින අතර, ඔහුගේ ආගමනයත් සමඟ ඉන්දීය මුල් පෙළ පිතිකරණය වඩාත් වේගවත් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි