Menu

ඉන්දියාවෙන් පාකිස්තානයට දැවැන්ත ඉලක්කයක්! සුපිරි 8 වටයේ බලාපොරොත්තු පාකිස්තානය රැකගනීවිද?

41

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන ඉන්දියා – පාකිස්තාන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව පාකිස්තානයට හිමිව ඇති ජයග්‍රාහී ඉලක්කය ලකුණු 176කි.

මෙම තරගයේ ජයග්‍රහණය පාකිස්තාන කණ්ඩායමට ඉතා වැදගත් වන්නේ ඔවුන්ට තරගාවලියේ “සුපිරි 8” (Super 😎 වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම ලකුණු 176ක ඉලක්කය අනිවාර්යයෙන්ම හඹා යා යුතු බැවිනි.

කාසියේ වාසිය පරාජය වී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේශම් සහගත මෙන්ම වේගවත් ඉනිමක් දියත් කළහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *