2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද (16) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සුපිරි අටදෙනාගේ (Super 8) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම ද විශේෂත්වයකි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 181ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 184ක් ලබාගනිමින් ඉතා පහසුවෙන් සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 50කදී නොදැවී ලකුණු 100ක් රැස් කරමින් අගනා ශතකයක් වාර්තා කළේය.
මෙය 2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පිතිකරුවෙකු රැස්කළ ප්‍රථම ශතකය ලෙස ඉතිහාසයට එක්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත් අතර, පවන් රත්නායක නොදැවී ලකුණු 28*ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි