Menu

කල්කටාවේ සිට විශේෂ යානයකින් ලෝක ක්‍රිකට් තරු ලංකාවට: උණුසුම් පිළිගැනීමක් සමඟ සුපිරි 8 දෙනාගෙ වටයට සූදානම්.

127

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක ‘සුපිරි 8’ වටයේ තරග සඳහා සහභාගී වීමට ප්‍රබල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (17) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 32 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අද පස්වරු 4:15 ට ඉන්දියාවේ කල්කටා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1188 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර, ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ලබන 22 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු මහා සටන සඳහා ඔවුන් ඉදිරි දින කිහිපයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *