Menu

සිම්බාබ්වේට එරෙහිව සිංහයන්ගේ අවසන් සටන අදයි ! සුපිරි 8 වටයට පෙර අපරාජිත වාර්තාව රැක ගැනීමටශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් !

163

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය (Super 8) සඳහා සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයකි.

සුපිරි 8 වටයට පෙර ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ උපක්‍රමශීලී තීරණ සැලකිල්ලට ගනිමින් අද තරගයේදී ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බව වාර්තා වේ.

ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මදුෂංක අද කණ්ඩායමට කැඳවා තිබේ.

ඉදිරි තීරණාත්මක තරග ඉලක්ක කරගනිමින් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අද තරගයේදී විවේකයක් ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *