ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වය යටතේ 2028 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් මේ වන විටත් සිය ස්ථාන වෙන් කරගෙන අවසන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
වත්මන් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් තීරණය වීමත් සමඟ මෙම සුවිශේෂී කඩඉම පසු කිරීමට එම රටවලට අවස්ථාව හිමි විය. සත්කාරක රටවල් ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය නිතරගයෙන්ම සුදුසුකම් ලබා ඇති අතර, සුපිරි 8 වටයට තේරී පත්වූ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද 2028 ලෝක කුසලාන වරම් හිමිකර ගෙන ඇත.
මීට අමතරව, ICC විස්සයි20 ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගනිමින් තවත් කණ්ඩායම් 3ක් තෝරා ගැනීමට නියමිතය. ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන මාර්තු 09 වැනිදා වන විට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් තුනට මෙම අවස්ථාව හිමිවන අතර, මේ වන විට බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය එම ස්ථානවල පසුවේ. දැනට ජාත්‍යන්තර තරගාවලි නොමැති බැවින් ඔවුන්ගේ ස්ථාන වෙනස් වීමට ඇති ඉඩකඩ අවම බව වාර්තා වේ.
2028 තරගාවලිය ද කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, ඉතිරි කණ්ඩායම් 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි හරහා තෝරා ගැනීමට නියමිත බව ICCය වැඩිදුරටත් සඳහන් කරයි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි