අහමදාබාද් හි රැඳී සිටින ඉන්දීය කණ්ඩායම ඊයේ (20) සහභාගී වූ පුහුණු සැසියක් අතරතුරදී වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් හදිසි ආබාධයකට ලක්ව තිබේ.
පුහුණුවීම් අතරතුර හර්දික් පාණ්ඩ්‍යා පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ එල්ල කළ පහරක පන්දුව මොහොමඩ් සිරාජ්ගේ වම් දණහිසේ වැදී මෙලෙස ඔහු ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම අනපේක්ෂිත අනතුරත් සමඟ මොහොමඩ් සිරාජ් වහාම පුහුණුවීම් කටයුතු වලින් ඉවත් වී ඇති අතර, ඔහුගේ ආබාධයේ ස්වභාවය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.
ආබාධයකට ලක්වූ හර්ෂිත් රානා වෙනුවට ලෝක කුසලාන සංචිතයට කැඳවනු ලැබූ සිරාජ්, මේ දක්වා මූලික වටයේ ඉන්දියාව ක්‍රීඩා කළ තරග හතරෙන් සහභාගී වී ඇත්තේ එක් තරගයකට පමණි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි