Menu

සුපිරි 8 වටය ජයග්‍රාහීව අරඹන්න සිංහයන්ට ලැබුණු ඉලක්කය!

32

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලේකැලේදී පැවැත්වෙන තරගයේදී, පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හිමිව තිබේ.

එංගලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු වූයේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ය. ඔහු පන්දු 40කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. කෙසේ වෙතත් සෙසු පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවූ අතර, නායක හැරී බෘෘක්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 14ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, ඔහු ලකුණු 26කට කඩුලු 3ක් දවාගත්තේය. එංගලන්තයේ ප්‍රබල පිතිකරුවන් වූ පිල් සෝල්ට්, ජොෂ් බට්ලර් සහ නායක හැරී බෘෘක් යන තිදෙනාම දැවී ගියේ වෙල්ලාලගේගේ පන්දු හමුවේය. මීට අමතරව ඩිල්ෂාන් මධුසංක ලකුණු 25කට කඩුලු 2ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 21කට කඩුලු 2ක් ද දවාගනිමින් එංගලන්ත ඉනිම සීමා කිරීමට දායක විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *