මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි කලකිරීමකට පත්ව සිටින පසුබිමක, හිටපු නායක ලසිත් මාලිංග සිය නිල ෆේස්බුක් ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් රසිකයන් ඇමතීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු අත්නොහරින ලෙස ඔහු මෙහිදී දැඩිව අවධාරණය කරයි.
ලසිත් මාලිංග තැබූ සටහන,
“1996 දී අපේ රට පළවෙනි ලෝක කුසලානය දිනපු දවසෙ ඉදල එක දිගට ලෝක කුසලානවල පළවෙනි වටයෙන්, ඒ වගේම final ඇවිත් ලෝක කුසලාන හතරක අවසාන තරගය පරදිනකොට ක්‍රීඩාවට ආදරය කරපු ගොඩක් අය ක්‍රීඩාවෙන් ඈත් වෙන්න ඇති.
ඒත් මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් කියල හිතපු හැමෝම අමාරුවෙන්, දුකෙන්, බැන බැන හරි 2014 වෙනකන් ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ටත් සහයෝය දෙන ගමන් අවුරුදු 18ක් ඉවසන්න ඇති. ඒ ඉවසීම නිසා 2014 දී දිනන්න පුලුවන් උනා.
ඉතින් අපිට තවත් ලෝක කුසලානයක් දිනන්න බැරිවෙන්න විදියක් නෑ. ඉතින් දැන් අවුරුදු 12 ගියා. ඒත් ක්‍රීඩාව, තේරුම් ගෙන ක්‍රීඩාවත් එක්ක ඉන්න ගොඩක් අය ඇති.
ඒ නිසා මම වගේම ඒ අයත් ඊළඟ ලෝක කුසලානය දිනනකන්ම ක්‍රීඩාවත් එක්ක ඉදියි. අතහරින එක ක්‍රීඩාවේ විසදුම නෙමෙයි” යනුවෙන් ඔහු දක්වා තිබුණි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි