2026 විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී නවසීලන්තය ලකුණු 96කින් පරාජය කරමින් තෙවන වරටත් ලෝක ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව අද සමත් විය. මෙම ඓතිහාසික රාත්‍රියේදී සියලු දෙනාගේ අවධානය දිනාගත් ප්‍රධානතම චරිතය වූයේ ඉන්දීය වේගපන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රා ය.
ලකුණු 15කට කඩුලු 4ක් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් අසරණ කළ බුම්රා, අවසාන මහා තරගයේ වීරයා (Player of the Match) ලෙස අභිෂේක ලැබීය. විශේෂයෙන්ම තීරණාත්මක අවස්ථාවන්හිදී ඔහු යොමුකළ පන්දු හමුවේ නවසීලන්ත ජයග්‍රාහී බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි.
මුළු තරගාවලිය පුරාම ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොසැලෙන ශක්තියක් වූ සංජු සැම්සන්, 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා (Player of the Tournament) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තරගාවලිය ආරම්භයේදී කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් පවා නොතිබූ සැම්සන්, පසුව ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගනිමින් අඛණ්ඩව අර්ධ ශතක තුනක් රැස් කරමින් පෙන්වූ දක්ෂතාව කාගේත් පැසසුමට ලක්විය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි