2026 පන්දුවාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ශිවාම් ඩූබේ, සිය ජයග්‍රාහී සැමරුම් අවසානයේ මුම්බායි හි පිහිටි සිය නිවසට යාම සඳහා පොදු දුම්රිය සේවය භාවිතා කිරීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සැමරුම් උත්සවවලින් පසු ගුවන් ටිකට්පත් අවසන් වී තිබීමත්, මෝටර් රථයකින් ගමන් කිරීමේදී පවතින දැඩි මාර්ග තදබදයත් හේතුවෙන් ඩූබේ සහ ඔහුගේ බිරිඳ මෙම තීරණය ගෙන තිබේ.
තම සිව් හැවිරිදි සහ දෙහැවිරිදි දරුවන් දෙදෙනා දැකබලා ගැනීමේ දැඩි වුවමනාව නිසා ඩූබේ සහ ඔහුගේ බිරිඳ තෙවන පන්තියේ වායු සමනය කළ දුම්රිය මැදිරියක (3-tier AC) ගමන් කර ඇත. ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර පවතින දැඩි උන්මාදය හමුවේ තමන්ව හඳුනාගැනීම වැළැක්වීමට ඔහු මුහුණ සහ හිස සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන සිටීමට ද පියවර ගෙන තිබේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි