මෙරට ගංවතුර ආපදා තත්ත්වයෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමේ අරමුදලට ආධාර ලබාගැනීමේ අරමුණින්, විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විශේෂ තරගාවලියක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය.
CricBuzz වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, මෙම මානුෂීය අරමුණ වෙනුවෙන් විස්සයි විස්ස තරග 3ක් මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෑතකදී ඇති වූ ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් වූවන් යළි නගාසිටුවීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර රැස්කිරීම මෙම තරගාවලියේ මූලික අරමුණයි.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට අදාළව අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මෙම විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙනු ඇත.
මෙම තරගාවලිය හරහා ලැබෙන ආදායම පූර්ණ වශයෙන්ම ආපදා සහන කටයුතු වෙනුවෙන් යෙදවීමට අපේක්ෂා කෙරේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි