Menu

මිලියන 162ක්! ජාත්‍යන්තර වරම් නැතිවත් ‘The Hundred’ පිටියේ වැඩිම මිලක් ලැබූ 21 හැවිරිදි තරුණයා මෙන්න

171

එංගලන්තයේ ‘The Hundred’ තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මුළු මහත් ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කර තිබෙන්නේ, තවමත් සිය රට වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා නොකළ 21 හැවිරිදි තරුණයෙකුට හිමි වූ අති දැවැන්ත වටිනාකම හේතුවෙනි.

ඒ අනුව ලොව ප්‍රබලතම තරු අභිබවා යමින් ස්ටර්ලින් පවුම් 390,000 ක එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 162 ක පමණ දැවැන්ත මුදලකට London Spirit කණ්ඩායම විසින් ජේම්ස් කෝල්ස්ව මිලදී ගෙන තිබේ.

ජේම්ස් කෝල්ස් යනු දකුණු අප්‍රිකානු SA20 ලීගයේදී 170.78ක ප්‍රහාරාත්මක වේගයක් සහ 38.00ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින් තම දක්ෂතාවය ලොවටම පෙන්වූ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරුවෙකි.

පන්දු යැවීමෙන් ද කඩුලු ලබා ගනිමින් අති විශිෂ්ට තුන් ඉරියව් දස්කම් දක්වන මොහු, දැනට එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් සිටියි. දේශීය මට්ටමින් දැක්වූ මෙම සුවිශේෂී දස්කම් හේතුවෙන් වෙන්දේසියේදී වැඩිම මිලක් ලැබූ එංගලන්ත ක්‍රීඩකයා බවට මොහු පත්ව ඇති

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *