Menu

ලොව අංක එකේ T20 පිතිකරුවාට නව නායකත්ව වගකීම්! විස්තරය මෙන්න

187

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට මොහොතකට පෙර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ප්‍රබල පණිවිඩයක් නිකුත් වී තිබේ.

පසුගිය වසර කිහිපය පුරා කණ්ඩායම සාර්ථකව මෙහෙයවූ ඕස්ට්‍රේලියානු සුපිරි නායක පැට් කමින්ස්ට මෙවර තරගාවලියේ ආරම්භක අදියර අහිමි වන බව වාර්තා වීමත් සමඟ, කණ්ඩායමේ නායකත්වයේ විශාල රික්තයක් නිර්මාණය විය.

මෙම තීරණාත්මක මොහොතේදී SRH කළමනාකාරීත්වය සිය විශ්වාසය තබා ඇත්තේ වර්තමාන ලෝක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානය හොබවන සුපිරි තරු අභිෂේක් ශර්මා කෙරෙහි වීම විශේෂත්වයකි.

පැට් කමින්ස් මුහුණ දී ඇති හදිසි ආබාධ තත්වය හේතුවෙන් ඔහුට මුල් තරග කිහිපය අහිමි වීම නිසා, කණ්ඩායමේ වගකීම මෙලෙස තරුණ අභිෂේක් ශර්මා වෙත පවරා ඇත.

පිත්තෙන් ලොවම මවිත කළ මෙම දක්ෂ ක්‍රීඩකයාට, ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයක කණ්ඩායමක් මෙහෙයවීමට ලැබුණු මෙම අවස්ථාව ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු නිසැකය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *