බංග්ලාදේශ කොටි සිය මව්බිමේදී පාකිස්තාන ප්‍රබලයන් හමුවේ අතිශය තීරණාත්මක සහ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද සමත් විය.
දෙරට අතර පැවති තෙවන සහ අවසන් එක්දින තරගය අවසන් පන්දුවාරය දක්වාම දෙපිලටම විවෘතව පැවති අතර, අවසානයේ ලකුණු 11ක තියුණු ජයක් අත්කර ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වූයේ ක්‍රීඩාංගණයේ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් උමතුවෙන් මෙන් ප්‍රීති ඝෝෂා පවත්වන පසුබිමකය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග 2-1ක් ලෙස එක්දින තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර, මෙය හුදෙක් තවත් එක් ජයග්‍රහණයක් පමණක් නොවූයේ පාකිස්තානයට එරෙහිව වසර 11ක දීර්ඝ කාලයකට පසුව ඔවුන් ලැබූ ප්‍රථම එක්දින තරගාවලි ජයග්‍රහණය මෙය වන බැවිනි.
තරගය පුරාවටම දෙපිලම කරට කර සටනක නිරත වූ අතර පාකිස්තාන පිතිකරුවන්ට අවසන් මොහොතේ බංග්ලාදේශ පන්දු යවන්නන් එල්ල කළ පීඩනය දරා ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි. වසර 11කට පෙර තිබූ ඒ ආධිපත්‍යය යළිත් වරක් ප්‍රදර්ශනය කරමින් බංග්ලාදේශය ලැබූ මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් පවා උඩුයටිකුරු කිරීමට සමත් වනු ඇති බවට විචාරකයෝ අනාවැකි පළ කරති.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි