නිරෝෂන් දික්වැල්ල, දේශීය ක්‍රිකට් පිටියේ අති දැවැන්ත සන්ධිස්ථානයක් පසු කිරීමට සමත්ව තිබේ. මේ දිනවල ක්‍රියාත්මක වන SLC Major Club 3-Day ක්‍රිකට් තරඟාවලියේ උණුසුම් ‘සුපිරි 8’ වටය නියෝජනය කරමින්, NCC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලකුණු 9,000 සීමාව පසු කරනු ලැබුවේ සිය පිත්තෙන් තවමත් එම ජවය නොගිලිහී ඇති බව ලොවටම පසක් කරමිනි.
ඊයේ දිනයේදී නිමාව දුටු මෙම තීරණාත්මක තරඟයේදී ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් දියත් කළ ආක්‍රමණශීලී පිතිහරඹයත් සමඟ ඔහු මෙම දුර්ලභ වාර්තාවට හිමිකම් කීවේය.
ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන දික්වැල්ල, දේශීය පිටියේ පෙන්වන මෙම ස්ථාවරත්වය ඔහුගේ ක්‍රිකට් දිවියේ මීළඟ විශාලතම කඩඉම වන ලකුණු 10,000 සීමාව වෙත යන ගමනට මනා පිටුවහලක් වනු නොඅනුමානය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි