සත්කාරක නවසීලන්තයට එරෙහිව පැවති තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. මේ තරගාවලිය සදහා කන්ඩායම් දෙකේම නවකයින් බොහොමයක් ක්‍රීඩා කිරීම විශේෂ වුනා.
ඒ නවකයින් අතරින් දකුණු අප්‍රිකාවට අලුත් තරුවක් මෙවර තරගාවලියෙන් කළඑළි වුනා. ඒ තමයි Connor Esterhuizen! 💚 මේ ඔහුගේ මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය වන අතර, මීට පෙර SA20 ලීගයේ ක්‍රීඩා කරත් එතරම් කැපීපෙනෙන දක්ෂතා පෙන්නන්න ඔහු සමත් වෙලා තිබුනේ නැහැ. හැබැයි ජාතික කන්ඩායමේ කල කැඳවීමට ඔහු නියම සාධාරණයක් කරා.
නවසීලන්තයට එරෙහි මේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වුනේ Esterhuizen! ඔහු තරග 5කදී ලකුණු 200ක් රැස් කරා. ඊට පිට පිට රැස්කල අර්ධ ශතක ඉනිම් ද්විත්වයක් ඇතුලත්. පිතිකරන සාමාන්‍යය 50.00ක අගයක් වෙද්දී ප්‍රහාරාත්මක වේගය සටහන් වුනේ 145.98ක් විදිහට.
කඩුලු රකින මුල්පෙල පිතිකරුවෙක් විදිහට ඔහු දක්ෂතා වැඩි වශයෙන් දක්වද්දී අද තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමිකර දෙන්න ඔහු පන්දු 33කින් වේගවත් ලකුණු 75ක් රැස් කරා. මේ ඉනිම හතරේ පහරවල් 5කින් සහ හයේ පහරවල් 6කින් හැඩ වෙද්දී ප්‍රහාරාත්මක වේගය සටහන් වුනේ 227.27ක් විදිහට. ඒ සුපිරි ඉනිමත් සමග තරගයේ වීරයා සම්මානය සහ තරගාවලියේ වීරයා කියන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබන්නත් Esterhuizen සමත් වුනා
