Menu

වයස 20න් පහළ ක්‍රීඩකයන්ගේ ලෝක මට්ටමේ සටනක් ලංකාවේදී!

64

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක පියවරක් තබමින්, “Lanka Youth League” නමින් නව යොවුන් ක්‍රිකට් තරගාවලියක් මෙම වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ඓතිහාසික තරගාවලිය ප්‍රථම වරට පැවැත්වෙන අතර, එයට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20 න් පහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් සඳහා විශාල අවස්ථාවක් උදාකරනු ඇත. මෙම තරගාවලියට ක්‍රීඩකයින් 16-18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් පහක් ඇතුළත් වන අතර, එය තරුණ දක්ෂතා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කර ඇත.

තවද, මෙම සංචිත සඳහා අලුත් අත්දැකීමක් ලබා දෙමින් එක් සංචිතයකට විදේශීය වයස අවුරුදු 20 න් පහළ ක්‍රීඩකයින් පස් දෙනෙකු දක්වා ඇතුළත් කිරීමට අවසර ලබා දී ඇති බව නිල නොවන වාර්තා පවසයි. මෙමගින් දේශීය තරුණ ක්‍රීඩකයින්ට විදේශීය තරුණ තරු සමග තරග වැදීමට සහ ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට වටිනා අවස්ථාවක් හිමිවනු ඇත

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *