Menu

RCB කණ්ඩායමට මරු පහරක්! මෙවර විශාල පාඩුවක් සිදුවෙයි.

6

RCB කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් විසින් විශේෂ මාධ්‍ය හමුවකදී තහවුරු කර ඇත්තේ, හෙට (28) පැවැත්වෙන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තීරණාත්මක තරගයට ජොශ් හෙසල්වුඩ් සහභාගී නොවන බවයි.

මෙම හදිසි තීරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව රසිකයන් අතර මහත් කුතුහලයක් ඇති වී තිබෙනවා. ඇතැම් මුලාශ්‍ර පවසන්නේ ඔහු සුළු ආබාධයකට ලක්ව ඇති බවයි, තවත් සමහරුන් පවසන්නේ එය පෞද්ගලික හේතුවක් විය හැකි බවයි.

කෙසේ වෙතත්, පුහුණුකරුගේ සෘජු ප්‍රකාශයත් සමඟ හෙසල්වුඩ්ගේ සහභාගීත්වය නිල වශයෙන්ම අවලංගු වී තිබෙනවා. ඔහුගේ අඩුව RCB කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියට විශාල පහරක් වනු ඇති අතර, ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කළමනාකාරීත්වය දැන් ගැටලුවකට මුහුණ දී සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *