Menu

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 15කට යෝග්‍යතා පරීක්ෂණය මගහැරෙයි: වනිඳු සහ මතීෂත් ඒ අතර!

76

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත්තුව යටතේ සිටින ක්‍රීඩකයින් සඳහා පවත්වනු ලබන අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණය (Fitness Test) සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු රැසක් වාර්තා වේ. ක්‍රික්ඉන්ෆෝ (Cricinfo) වෙබ් අඩවිය උපුටා දක්වමින් වාර්තා වන්නේ මධ්‍යම කොන්ත්‍රාත්ලාභී ක්‍රීඩකයින් 15 දෙනෙකු මෙතෙක් මෙම පරීක්ෂණය සඳහා සහභාගී වී නොමැති බවයි.

මෙසේ යෝග්‍යතා පරීක්ෂණය සඳහා මෙතෙක් පෙනී නොසිටි ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා සීමිත පන්දු වාර නායක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සිටින බව තහවුරු වී ඇත. වනිඳු සහ මතීෂ මේ දිනවල ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා සූදානමින් පසුවන අතර, වනිඳු හසරංග මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විදෙස් ලීග සඳහා සහභාගී වීමට අවශ්‍ය වන විරෝධතා නොදැක්වීමේ සහතිකය (NOC) ඉල්ලා නොමැති බව ද ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මධ්‍යම කොන්ත්‍රාත්තුව යටතේ ක්‍රීඩකයින් 45 දෙනෙකු සිටින අතර, පරීක්ෂණයට සහභාගී වූ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩකයින් 06 දෙනෙකු අවම වශයෙන් එක් උත්සාහයකදී හෝ අසමත් වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම යෝග්‍යතා පරීක්ෂණය සමත්වීම සඳහා යෝ-යෝ (Yo-Yo) පරීක්ෂණයේදී අවම වශයෙන් ලකුණු 17.1ක මට්ටමක් පවත්වා ගත යුතුව ඇත.


Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *