ඕස්ට්‍රේලියාවේ ඉයන් හීලි ඕවල් (Ian Healy Oval) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දුවාර 42.4කදී සියලුදෙනා දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණා. මෙම ඉනිම ගොඩනැගීමට ලිමන්සා තිලකරත්න පන්දු 85කදී ලකුණු 51ක් ලබා ගනිමින් අගනා අර්ධ ශතකයක් වාර්තා කළ අතර, ශෂිනි ගිම්හානි ලකුණු 39ක් (පන්දු 50) ලබා ගනිමින් ඉනිම තවදුරටත් ශක්තිමත් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දැඩි පීඩනයක් එල්ල කළා. ඔවුන්ට පන්දුවාර 42.1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි. මෙමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය හමුවේ ලකුණු 52ක අතිවිශිෂ්ට ජයක් හිමි වුණා.


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි