Menu

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම අද

47

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

(28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළවිය.

වර්තමානයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ඉහළම පාර්ශ්ව හමුවී වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉරණම විසඳෙන විශේෂ විධායක කමිටු රැස්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී (28) කැඳවා ඇති අතර එහිදී ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වෙයි.

අදාළ තීරණය එළැඹෙන බදාදා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

වත්මන් ක්‍රිකට් පරිපාලන ඉල්ලා අස්වුවහොත් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත්කිරීමට රජය සැලසුම් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *