පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පිතිකරුවෙකු තැබූ දැවැන්තම වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් විය. ඒ අනුව මෙතෙක් පැවති සියලු වාර්තා බිඳ දමමින් එක් PSL තරගාවලියකදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකරු වීමට මෙන්ඩිස්ට හැකි වූයේ මුළුමනින්ම පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් පවා මවිතයට පත් කරමිනි.
පසුගිය දා පැවති තීරණාත්මක තරගයේදී වේගවත් ලකුණු 89ක් රැස් කිරීමත් සමඟ මෙන්ඩිස් මෙම ඓතිහාසික කඩඉම පසුකර ගියේය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2022 වසරේදී ලකුණු 588ක් රැස් කළ පාකිස්තාන සුපිරි පිතිකරු ෆකාර් සමාන් වන අතර, මෙන්ඩිස් එම ලකුණු සංඛ්‍යාව අභිබවා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබීය.
මෙවර තරගාවලිය පුරා අතිශය සාර්ථක පිති හරඹයක නිරත වන කුසල් මෙන්ඩිස්, පාකිස්තාන පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් වෙමින් සිය අණසක පැතිරවීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදෙස් ලීග් තරගාවලියකදී මෙවැනි දස්කමක් දැක්වීම දේශීය ක්‍රිකට් ලෝලීන්ගේ මහත් ප්‍රසාදයට හේතු වී තිබේ.


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි