Menu

කුසල් ජනිත්ගෙන් අකමැති වුවත් ලියවුණු අලුත් PSL වාර්තාවක් මෙන්න.

137

(PSL) තරගාවලිය යටතේ පසුගිය දා පැවති තීරණාත්මක තරගයකදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාම (Golden Duck) හේතුවෙන් ඔහු නොසිතූ වාර්තාවක් කරා ළඟා වී තිබේ. මෙම දැවී යාමත් සමඟ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වතාවක් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලාංකික පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කුසල් ජනිත්ට සිදුවිය.

මෙතෙක් පැවති වාර්තාවන්ට අනුව විස්සයි විස්ස පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවී ගිය ලාංකික ක්‍රීඩකයා ලෙස ලකුණු නොලබා දැවී යාම් 30ක් සමඟින් තිසර පෙරේරා පෙරමුණේ පසුවෙයි. එම ලැයිස්තුවේ දෙවන ස්ථානය දසුන් ශානකට (දැවී යාම් 24) හිමිව ඇති අතර, තිලකරත්න ඩිල්ෂාන් දැවී යාම් 23ක් සමඟින් තෙවන ස්ථානයේ පසුවෙයි. කුසල් ජනිත් වාර්තා කළ මෙම ‘ඩක් – DUCK’ එකත් සමඟ ඔහුගේ මුළු බිංදුවේ දැවී යාම් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගියේය.

විදුලි වේගයෙන් ලකුණු රැස් කරන පිතිකරුවෙකු ලෙස ප්‍රකට කුසල් ජනිත්, මෙවර PSL තරගාවලිය පුරා හයිද්‍රාබාද් කිංස්මෙන් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දස්කම් දක්වා තිබුණ ද, මෙවර ඔහුට සිය දක්ෂතා අතරට පැමිණීමට අවස්ථාවක් හිමි නොවීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *