පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තීරණාත්මක සටන අවසන් මොහොත දක්වාම අතිශය උද්යෝගිමත් මුහුණුවරක් ගත්තේ ප්‍රේක්ෂකයින් දැඩි කුතුහලයකට පත් කරමින්.
ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට අවසන් පන්දුවාර දෙක තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 28ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබූ අතර බොහෝ දෙනා උපකල්පනය කළේ හයිද්‍රාබාද් කිංග්ස්මෙන් කණ්ඩායම පහසුවෙන් ජය ගනු ඇති බවයි. කෙසේ වෙතත් මොහොමඩ් අලි යොමු කළ 19 වන පන්දුවාරයේදී ක්‍රිස් ග්‍රීන් සහ ෆහීම් අෂ්රෆ් ලකුණු 22ක් උදුරා ගැනීමත් සමඟ මුළු තරගයේ වාසිය ඉස්ලාමාබාද් පිල දෙසට වේගයෙන් හැරී ගියා.
ඒ අනුව අවසන් පන්දුවාරයේදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 6ක් වැනි ඉතා සුළු ඉලක්කයක් පමණයි. ජයග්‍රහණය අතේ දුරින් තිබියදී පන්දුව අතට ගත් හුනයින් ෂා මුළු ක්‍රීඩාංගණයම නිහඬ කරමින් අදහාගත නොහැකි පන්දු යැවීමක නිරත වුණා.
ජයග්‍රාහී පිතිකරණයේ යෙදුණු ෆහීම් අෂ්රෆ්ගේ කඩුල්ලත් දවා ගනිමින් එම පන්දුවාරය ලකුණු 3කට පමණක් සීමා කිරීමට ඔහු සමත් වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් හයිද්‍රාබාද් කිංග්ස්මෙන් කණ්ඩායම අවසන් මහා තරගය වෙත ඔසවා තබමින්


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි