Menu

කුමාර සංගක්කාර තවමත් ප්‍රමාද ඇයි? ශ්‍රීලංකා ප්‍රේක්ශකයින් බලා සිටියි.

89

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද පරිවර්තන කමිටුවේ කටයුතු තවදුරටත් වේගවත් කරමින් එහි තවත් සාමාජිකයින් පිරිසකට පත්වීම් ලිපි පිරිනැමීම අද දිනයේදී සිදු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පරිපාලනමය රික්තය පියවීම සඳහා පත් කළ මෙම විශේෂ කමිටුවට තුශිර රදැල්ල, සිදත් වෙත්තමුනි, ප්‍රකාශ් ෂාෆ්ටර් සහ අවන්ති කොළඹගේ යන මහත්ම මහත්මීන් නිල වශයෙන් එක් වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය තහවුරු කරයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙහි සෙසු සාමාජිකයින් පිරිසකට පත්වීම් ලබා දුන් අතර අද දිනයේ සිදුවූ මෙම එකතු වීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන් මග පිළිබඳව නව බලාපොරොත්තුවක් ක්‍රීඩාලෝලීන් තුළ ඇති වී තිබේ.

කෙසේ වෙතත් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව ඇත්තේ මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස නම් කළ ප්‍රකට ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම යන මහත්වරුන්ට තවමත් පත්වීම් ලිපි ලබා දීමට කටයුතු කර නොමැති වීමයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *