Menu

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය වෙනස් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ලැබුණු අලුත්ම තීරණය මෙන්න

149

එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අතිශය තීරණාත්මක පියවරක් ගැනීමට සූදානම් වන බවට වාර්තා පළ වේ.

ක්‍රිකට් ෆිනෑන්ෂල් ජර්නල් වාර්තා කරන අන්දමට, මේ වන විට සීමිත කණ්ඩායම් සංඛ්‍යාවකට පමණක් හිමි වී ඇති ජාත්‍යන්තර එක්දින වරම කණ්ඩායම් 32ක් දක්වා පුළුල් කිරීමට අයි සී සී ආයතනයේ දැඩි අවධානය යොමුව තිබේ. මෙම දැවැන්ත වෙනස පිළිබඳ අවසන් තීරණය මේ මස අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විශේෂ රැස්වීමේදී ගැනීමට නියමිත අතර,

එය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ සංධිස්ථානය වනු ඇති බවට විචාරකයින් අනාවැකි පළ කරයි. මෑත කාලීනව එක්දින ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පවතින උනන්දුව යම් තාක් දුරකට අඩුවීම පිළිබඳව විවිධ මට්ටමින් සාකච්ඡා ඇති වූ අතර,

මෙලෙස කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීම හරහා ක්‍රීඩාවට නව ජීවයක් එක් කිරීමට බලධාරීන් බලාපොරොත්තු වේ. මෙම නව තීරණය ක්‍රියාත්මක වුවහොත් තවමත් ජාත්‍යන්තර මට්ටමට පිවිසීමට නොහැකි වූ දක්ෂ කණ්ඩායම් රැසකට ලෝක කුසලාන සිහිනය කරා යාමට මාවත විවර වනු ඇත

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *