ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකු වන ඔස්ට්‍රේලියානු සුදු පන්දු සංචිතය තුළ බරපතල පෙරළියක් සිදු කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඉදිරි බංග්ලාදේශ තරග සංචාරය ඉලක්ක කරගනිමින් නිවේදනය කළ මෙම සංචිතයෙන් ලොව ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ග්ලෙන් මැක්ස්වෙල්ව ඉවත් කිරීම කාගේත් දැඩි අවධානයට ලක්ව ඇත.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී අත්විඳි පසුබෑම හමුවේ කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරීමේ දැඩි පියවරක් ලෙස නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට බලධාරීන් මෙහිදී ක්‍රියා කර තිබේ.
කණ්ඩායමේ නායකත්වය මිචෙල් මාෂ් වෙත පවරා ඇති අතර, නිත්‍ය නායක පැට් කමින්ස් ඇතුළු ප්‍රධාන වේග පන්දු යවන බලඇණියම මෙම සංචාරයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.
මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඩ් වැනි ප්‍රබලයින්ට විවේක ලබා දීමට තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ බලඇණිය සම්පූර්ණයෙන්ම අලුත් මුහුණුවරක් ගනු ඇත.
සංචිතයෙන් ඉවත් කෙරුණු ග්ලෙන් මැක්ස්වෙල් එම කාලසීමාව තුළ ඇමරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සූදානම් වන අතර, ඔහු එහිදී ස්ටීව් ස්මිත් සමඟ එක්ව වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි