Menu

ශම්මිගේ අධ්‍යක්ෂ පරිවර්තනීය ක්‍රිකට් කමිටුවෙත් අධ්‍යක්ෂ ධූරයට!

178

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි කටයුතු පිළිබඳව ක්‍රිකට් ලෝලීන් දැඩි විමසිල්ලෙන් පසුවන පසුබිමක, එහි තීරණාත්මක තනතුරක් සම්බන්ධයෙන් සුවිශේෂී පුවතක් වාර්තා වේ.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ LPL අධ්‍යක්ෂ ධුරයෙන්ද ඉවත් වූ සමන්ත දොඩන්වෙල මහතා සම්බන්ධයෙන් ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් පරිවර්තන කමිටුව නවතම තීරණයක් ගෙන තිබේ.

ඔහු සතු අත්දැකීම් සම්භාරය සහ කළමනාකරණ හැකියාවන් සැලකිල්ලට ගනිමින්, එළඹෙන තරගාවලියේ අධ්‍යක්ෂ ධුරය සඳහා ඔහුම යළි පත් කිරීමට එම කමිටුව කටයුතු කර ඇත. ජූලි සහ අගෝස්තු මාසවලදී දෙස් විදෙස් සුපිරි ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙවර තරගාවලිය සංවිධාන කිරීමේ වගකීම මෙලෙස යළිත් ඔහු අතට පත්වීම විශේෂත්වයකි.

1මෙම නැවත පත්වීමත් සමඟ ඉදිරි තරගාවලියේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට පත්කළ පරිවර්තන කමිටුව සහ දොඩන්වෙල මහතා අතර ඇති එකඟතාවය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කුතුහලයක් මතු වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *