ලාංකීය ක්‍රීඩාලෝලීන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටි සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකුට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී තිබෙනවා.
ඉන්දීය රුපියල් කෝටි 1.6 ක වැනි විශාල මුදලකට සුපිරි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඔහුව රඳවා තබා ගැනීමට තීරණය කර තිබුණද, අවසාන මොහොතේ ඔහුට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටයි.
මෙම සුපිරි ක්‍රීඩකයාට අයිපීඑල් වරම් අහිමි වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ විදේශීය තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාගත යුතු අත්‍යවශ්‍ය අවසර පත්‍රයෙහි අඩංගු දැඩි කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීමයි.
විශේෂයෙන්ම තරගාවලියට පෙර පවත්වන ලද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ කිහිපයකින්ම ඔහු අසමත් වී ඇති බවට විශ්වාසකටයුතු ක්‍රීඩා ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.
රටක් නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ ලීග් තරගාවලියකට පිවිසීමේදී ශාරීරික සුදුසුකම් ඉහළ මට්ටමක පවත්වා ගැනීම අනිවාර්ය කරුණක් වන බැවින්, ක්‍රිකට් ආයතනය ඔහුගේ අවසර පත්‍රය රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබුණා.
මෙවැනි තත්ත්වයක් තුළ අදාළ ලාංකීය ක්‍රීඩකයා නොමැතිව ඉදිරි තරග සඳහා මුහුණ දීමට සිදුවීම හේතුවෙන් ආර්සීබී කළමනාකාරිත්වය වහාම ක්‍රියාත්මක වී ඔහු වෙනුවට වෙනත් විදේශීය ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ වේගපන්දු බලඇණිය ශක්තිමත් කිරීම සඳහා එංගලන්තයෙන් බිහිවූ දක්ෂ මෙන්ම පළපුරුදු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන රිචඩ් ග්ලීසන්ව තම සංචිතයට ඇතුළත් කර ගැනීමට ඔවුන් පියවර ගෙන අවසන්.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි