එළඹෙන අයර්ලන්ත සහ එංගලන්ත ක්‍රිකට් සංචාරයන් සඳහා ඉන්දීය ජාතික සංචිතයට තේරී පත්වූ වයස අවුරුදු 15 ක් වන වෛභව් සූර්යවංශී සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සුවිශේෂී තීරණයක් ගෙන තිබේ. මෙම තේරී පත්වීමත් සමග ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන ලාබාලතම ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් තැබීමට නියමිතය.
කෙසේ වෙතත් දින 45 කට වඩා වැඩි දීර්ඝ තරග සංචාර වලදී ක්‍රීඩකයෙකුට සිය බිරිඳ සමග රැඳී සිටීමට අවසර ලැබෙන්නේ දින 14 කට පමණක් වන පරිදි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වන විට දැඩි නීතිරීති පනවා ඇත. ඇතැම් ක්‍රීඩකයින්ගේ හැසිරීම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවා ක්‍රියාත්මක වන පසුබිමක, 15 හැවිරිදි සූර්යවංශී වෙනුවෙන් පමණක් මෙම දැඩි නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
ඔහු තවමත් කුඩා දරුවෙකු වීම නිසා තරගාවලිය අතරතුර ඇතිවිය හැකි පාළුව සහ මානසික පීඩනය අවම කිරීමේ අරමුණින්, ඔහුගේ මව සහ පියාට ඔහු සමග සම්පූර්ණ සංචාරයටම සහභාගී වීමට නිල වශයෙන් අවසර ලබා දී ඇත. ඊට අමතරව මෙම සංචාරයේදී සූර්යවංශීගේ දෙමාපියන්ගේ සියලුම ගමන් වියදම් සම්පූර්ණයෙන්ම දරා ගැනීමටද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් තීරණය කර තිබේ.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි