Menu

2026 ලෝක කුසලානයේ හයිටි සමග තීරණාත්මක ප්‍රබල තරගයත් සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක්ට අහිමි වෙයි.

1

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය උණුසුම් වෙමින් පවතින පසුබිමක බ්‍රසීල පාපන්දු ලෝලීන් දැඩි සේ කම්පනයට පත් කරන තීරණාත්මක පුවතක් සුළු මොහොතකට පෙර බ්‍රසීල බලධාරීන් විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ. ඒ ලෝක පූජිත පාපන්දු තරුවක් වන නේමාර් හට බ්‍රසීල කණ්ඩායම මුහුණ දෙන දෙවන මූලික වටයේ තරගය වන හයිටි කණ්ඩායමට එරෙහි තරගය ද සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බවයි.

ඔහු මෙලෙස මීළඟ තරගයෙන් ද ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මීට පෙර ඔහු මුහුණ දුන් ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම සුව අතට පත් නොවීමයි. මොරොක්කෝව සමග පැවති ඔවුන්ගේ පළමු තරගය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එම තරගය ද නේමාර් හට අහිමි විය.

මේ වන විටත් ඔහුගේ ශාරීරික යෝග්‍යතා තත්ත්වය පිළිබඳව නිශ්චිත වෛද්‍ය නිගමනයකට පැමිණීමට බලධාරීන්ට නොහැකි වී ඇත. නේමාර් මෙම තරගය සඳහා ක්‍රීඩා කරවීම තුළින් ඔහුගේ අනාගත ශාරීරික යෝග්‍යතාවයට බරපතළ ගැටලුවක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව බ්‍රසීලයට මෙම තරගය සඳහා ද නැවත වතාවක් නේමාර් රහිතව පිටියට පිවිසීමට සිදුවනු ඇත. නේමාර්ගේ මෙම හදිසි ඉවත්වීම තරගාවලියේ ඉදිරි ගමනට කෙසේ බලපානු ඇත්දැයි ලෝකයම විමසිල්ලෙන් බලා සිටී.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *