Menu

ICC එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ දැවැන්ත වෙනසක්…කෝලිගේ 768 සහ රෝහිත්ගේ 754 ලෝක වාර්තා අතරට

94

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද දින නිකුත් කරන ලද නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව මේ වනවිට සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේම දැඩි අවධානයට සහ කුතුහලයට ලක්ව තිබෙනවා. ටුඩේ නිව්ස් එල් කේ වෙත වාර්තා වන මෙම නවතම දත්තයන්ට අනුව ලෝක ක්‍රිකට් පිටියේ ඉන්දීය පිතිකරුවන්ගේ ආධිපත්‍යය තවදුරටත් දැඩිව තහවුරු කරමින් ලොව හොඳම එක්දින පිතිකරුවන් සිව්දෙනාගෙන් තුන්දෙනෙකුම ඉන්දීය ජාතිකයින් වීම මෙහි ඇති සුවිශේෂීම කාරණයයි.

ඒ අනුව මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය දිනාගැනීමට යොවුන් ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 791ක් තමන් සතු කර ගනිමිනි. ඊට නොදෙවෙනි සටහනක් එක් කරමින් ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වන විරාත් කෝලි ප්‍රසාද ලකුණු 768ක් ලබාගෙන ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

එපමණක් නොව, ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ආරම්භක පිතිකරු මෙන්ම නායක රෝහිත් ශර්මාද ප්‍රසාද ලකුණු 754ක් ලබාගනිමින් මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානය තහවුරු කරගෙන ඇත්තේ ප්‍රතිවාදී කණ්ඩායම් වලට දැඩි තර්ජනයක් එල්ල කරමිනි. එකම රටක ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකුම මෙලෙස මුල් ස්ථාන හතර තුළ රැඳී සිටීම අතිශය දුර්ලභ සිදුවීමක් වන අතර, මෙම සුවිශේෂී වාර්තාව හරහා ඔවුන්ගේ ඉදිරි සූදානම මනාව තහවුරු වනවා

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *