Menu

කොදෙව්වන්ගේ දැවැන්ත ලකුණූ පුවරුව මැද, ඊයේ සිය කුලුදුල් වාර්තා අතරට පිවිසි ශ්‍රී ලංකාවේ යොවුන් තරුව මෙන්න

163

පිතිකරුවන්ටම යෝග්‍ය වූ ඉතා පහසු තණතීරුවක, අනෙක් අන්තයෙන් කිසිදු සහයක් නොමැතිව මුළු ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය තනිවම මෙහෙයවූ අපූරු ක්‍රීඩකයෙකු – ඔහු වෙන කිසිවෙකුත් නොව, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට කඩුලු පහක් දවාගැනීමේ සුවිශේෂී කඩඉමට ළඟා වූ මිලාන් රත්නායකයි.

අතිශය වේගවත් පන්දු යවන්නෙකු නොවුවද, ඉතාම නිවැරදි ඉලක්කයට සහ නියමිත දිගට පන්දු යැවීමේ ඔහු සතු උපක්‍රමශීලී හැකියාව මෙම විශිෂ්ට ජයග්‍රහණයට ප්‍රධානතම හේතුවක් බවට පත්ව ඇත. තරගයේ අතිශය තීරණාත්මක මොහොතක පන්දුවාර තිස් පහයි දශම පහක් පුරාවට නොකඩවා පන්දු යවමින් ඔහු ප්‍රතිවාදී පිතිකරුවන් යම්කිසි පීඩනයකට ලක් කළේය.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *