2019 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රධානතම පෞරුෂයන් දෙදෙනෙකු වූ කේන් විලියම්සන් සහ බෙන් ස්ටෝක්ස් එකම තරගාවලියක් තුළදී සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට නිල වශයෙන් තිත තැබීම හේතුවෙනි.
මෙම ඓතිහාසික තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව නවසීලන්තයේ කේන් විලියම්සන් සිය සමුගැනීම නිවේදනය කළ අතර, එයින් නොනැවතී තෙවන ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ද සිය ජාත්‍යන්තර ක්‍රිකට් පරිච්ඡේදය නිමා කරන බවට ප්‍රකාශ කළේය.
2019 වසරේදී එංගලන්තයට කුළුඳුල් එක්දින ලෝක කුසලානය දිනා දීමටත්, 2022 වසරේදී ඔවුන් විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත් කිරීමටත් මූලික වූ ප්‍රධානතම සාධකය වූයේ බෙන් ස්ටෝක්ස් ය.
සිය විශිෂ්ට ක්‍රීඩා දිවිය තුළ ඔහු ටෙස්ට් තරගවලදී ලකුණු 7243ක් සහ කඩුලු 251ක් ද, ජාත්‍යන්තර එක්දින පිටියේදී ලකුණු 3463ක් සහ කඩුලු 74ක් ද, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලදී ලකුණු 585ක් සහ කඩුලු 26ක් ද ලබාගනිමින් අද්විතීය වාර්තා ගොඩනගා ඇත.
එලෙසින් ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ මෙම විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සහ විලියම්සන්ගේ නික්ම යාමත් සමග, ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව සනිටුහන් වී තිබේ.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි