Menu

රහ්මානුල්ලාහ් ගුර්බාස්ට නොසිතූ අකරතැබ්බයක්!විස්තරය මෙන්න!

83

:ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය මෙහෙයවන ෂ්පගීසා ක්‍රිකට් ලීග් තරගාවලියේ මිස් අයිනැක් නයිට්ස් (Mis Ainak Knights) සහ බෑන්ඩ්-ඊ-අමීර් ඩ්‍රැගන්ස් (Band-e-Amir Dragons) කණ්ඩායම් අතර ඊයේ කෝස්ට් (Khost) හිදී පැවැති තරගය අතරතුර අතිශය දුර්ලභ සහ හාස්‍යජනක සිදුවීමක් වාර්තා විය.

මිස් අයිනැක් නයිට්ස් කණ්ඩායමේ නායක සහ ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු රහ්මානුල්ලාහ් ගුර්බාස් (Rahmanullah Gurbaz) පන්දු රකිමින් සිටි අවස්ථාවකදී පිටියට කඩාවැදුණු ප්‍රේක්ෂකයෙකු මෙම අපූර්ව ක්‍රියාව සිදුකර තිබේ.

තරගයේ පළමු ඉනිම අතරතුර පිටියට කඩාවැදුණු මෙම ප්‍රේක්ෂකයා වේගයෙන් දුවගෙන ආවේ ගුර්බාස් දෙසටය. තමන්ගේ රසිකයෙකු තමන්ට අතට අත දීමට හෝ වැළඳ ගැනීමට එන බව සිතූ ගුර්බාස් ද ඉතා සුහදශීලීව ඔහු දෙසට ගමන් කළේය. එහෙත් ගුර්බාස් අසලටම පැමිණි ප්‍රේක්ෂකයා එකවරම ගුර්බාස් හිස ලා සිටි නිල ක්‍රීඩා තොප්පිය (Cap) උදුරාගෙන, ආරක්ෂක නිලධාරීන්ට ද කොටු නොවී නැවත ක්‍රීඩාංගණයෙන් පිටතට දුවන්නට විය.

මෙම බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් ගුර්බාස් මෙන්ම පිටියේ සිටි සෙසු ක්‍රීඩකයින් සහ විනිසුරුවන් ද මවිතයට පත් වූ අතර, ගුර්බාස් එය ඉතා සැහැල්ලුවෙන් භාරගනිමින් සිනාසෙන අයුරු දර්ශනවල සටහන්ව තිබුණි. මෙම සිදුවීමේ වීඩියෝ පට මේ වන විට Twitter (X) ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *