ඉන්දියාවේ ලාබාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්වෙමින් එංගලන්තයට එරෙහිව සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට පිවිසි වෛබාව් සූර්යවංශී මේ වන විට ක්‍රිකට් ලෝකයේම දැඩි අවධානයට ලක්වෙමින් සිටියි. මැන්චෙස්ටර් නුවර පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල ඉනිම දියත් කළ වෛබාව්ට මුහුණ දීමට සිදුවූයේ පන්දු දහයකට පමණි.
ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ස්වරූපයක් පෙන්නුම් කළ ඔහු එම පන්දු දහය තුළ හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වූ අතර, සිය මංගල ජාත්‍යන්තර ඉනිම ලකුණු 14කට සීමා කර ගැනීමට ඔහුට සිදු විය. වෛබාව්ගේ ප්‍රහාරාත්මක වේගය 140.00ක් ලෙස සටහන් විය.
මෙවැනි බාල වයස්කාර ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර වේදිකාවට පිවිසීම සුවිශේෂී සිදුවීමක් වන අතර ඔහුගේ පිතිහරඹය තුළින් අනාගත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන මහඟු දායාදයක් බව පසක් වෙයි. ලෝක ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් වෛබාව් සූර්යවංශී ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය ජාත්‍යන්තර ගමන් මග ඉදිරියේදී වඩාත් සාර්ථක කර ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි