බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තවත් සාර්ථක දිනයක් නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.
පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 549ක අතිදැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි විය.
ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ලහිරු උදාර පන්දු 248ක් තුළ හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 188ක් රැස් කළේය.
ඔහුට මංගල ද්විත්ව ශතකය අහිමි වුවද එම විශිෂ්ට ඉනිම කණ්ඩායමේ කොඳුනාරටිය බවට පත් විය. ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ පන්දු 166කින් ලකුණු 92ක් රැස් කළේ හතරේ පහර 12ක් ද සමගිනි. අවාසනාවන්ත ලෙස ඔහුට ශතකය ලකුණු 8කින් අහිමි වී ගියේය.
ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 69ක් ලබා ගනිමින් ලකුණු පුවරුව තවත් ශක්තිමත් කළහ.
මෙම දැවැන්ත අභියෝගයට පිළිතුරු සපයන කොදෙව්වන් දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 491ක් පිටුපසින් පසුවේ. තරගයේ ඉදිරි පාලනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතුවනු ඇති බවට මෙම සංඛ්‍යාලේඛන මනා සාක්ෂියක් සපයයි.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි