ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත තීරණාත්මක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක ෂුබ්මන් ගිල් (Shubman Gill) ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (06) පැවැති පුහුණු සැසියකදී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක් මෙලෙස ආබාධයට ලක්ව තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා XI කණ්ඩායමට එරෙහිව අද (07) ආරම්භ වූ පුහුණු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ඔහුට අහිමි විය.
අගෝස්තු 15 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට ගිල් සුවපත්ව පැමිණෙන්නේද යන්න පිළිබඳව මේ වන විට පවතින්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකි. මීට පෙර වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා ද ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවතට විසිවූ අතර, ගිල්ගේ මෙම ආබාධය ඉන්දීය පිලට එල්ල වූ තවත් ප්‍රබල පහරකි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි