Menu

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

64

ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර, උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් නම් කර තිබෙනවා.

එම සංචිතයට ලහිරු උදාර, නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කේෂර නුවන්ත, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක ඇතුළත්.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *