තරගාවලි පරාජය හමුවේ සොනාල් දිනූෂ තැබූ දුර්ලභ වාර්තාව හදවතින්ම අගය කළ ඒ.බී. ඩිවිලියර්ස්ගේ විශේෂ අනාවරණය
ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස තරගාවලිය පරාජයට පත් වුවද, දෙවැනි ටෙස්ට් තරගයේදී අතිවිශිෂ්ට ලෙස පිත්ත හසුරුවමින් ඉනිම දෙකේදීම පිට පිට ශතක 2ක් වාර්තා කිරීමට සොනාල් දිනූෂ සමත් විය. මෙම දුර්ලභ හා අලංකාර ක්‍රීඩා විලාසය හමුවේ මේ දිනවල තම සම්පූර්ණ අවධානය සොනාල් දිනූෂ වෙත යොමු වී ඇති බව ඩිවිලියර්ස් සඳහන් කරයි.
අතීතයේදී සොනාල් ක්‍රීඩා කරන ආකාරය නරඹා නොතිබුණ ද, මෙම තරගාවලිය පුරා ඔහු දැක්වූ අසාමාන්‍ය දක්ෂතාවය තුළින් තමාට තම හැකියාව පිළිබඳව මනාව පැහැදිලි කළ බව ඩිවිලියර්ස් පවසයි.
අලංකාර වමත් පිතිකරුවන් ක්‍රීඩා කරන ආකාරය නැරඹීමට තමා නිරන්තරයෙන්ම ප්‍රිය කරන බවත්, මෙම සමස්ත ටෙස්ට් තරගාවලිය තුළම තමා අතිශය ආසාවෙන් නරඹන ලද එකම ක්‍රීඩකයා සොනාල් දිනූෂ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
පළමු ටෙස්ට් තරගය මෙන්ම දෙවැනි ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකාවේ සැලසුම්වලට අනුව ගමන් නොකළ අතර, සමස්ත කණ්ඩායමම දැඩි පසුබෑමකට ලක්ව සිටි මොහොතක සොනාල් ප්‍රකාශයට පත් කළ මෙම ඉහළ ආත්මශක්තිය සහ පිතිකරණ විශිෂ්ටත්වය කැපී පෙනුණි.
ඩිවිලියර්ස් පෙන්වා දෙන්නේ, සොනාල් දිනූෂගේ මෙම මනරම් පිතිකරණය නොතිබෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ 2-0 පරාජය මීටත් වඩා අන්ත අසරණ තත්වයකට පත්වීමට ඉඩ තිබූ බවයි. එකම ටෙස්ට් තරගයකදී ශතක 2ක් වාර්තා කිරීම සාමාන්‍ය ක්‍රීඩකයෙකුට කළ නොහැකි අතිශය දුර්ලභ කර්තව්‍යයක් බවත්, එයින්ම ඔහුගේ විශිෂ්ටත්වය ප්‍රකාශ වන බවත් ඩිවිලියර්ස් පැහැදිලි කරයි.
සැමවිටම ඉනිම මුල සිට ආරම්භ කරමින් ස්ථාවරව තරගයට අවතීර්ණ වීම සොනාල් සතු ඉතා හොඳ ලක්ෂණයක් ලෙස පෙන්වා දෙන ඩිවිලියර්ස්, ඔහුට පැහැදිලි හා දීප්තිමත් අනාගතයක් ඇති බවටද අනාවැකි පළ කරයි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම බිඳවැටීම මෙන්න
BCCI විසින් නිවේදනය කල 2027 එක්දින ලෝක කුසලානයට සහභාගි වනු ඇතැයි විශ්වාස කරන ඉන්දීය සුපිරි ක්‍රීඩකයන් 11 මෙන්න
ආසියා කුසලාන ඉතිහාසයේ ලකුණු 500 සීමාව පසුකළ පළමු ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවෙයි.
එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට අලුතින් එක්වූ නවකයන් 3ක් මෙන්න
ළහිරු කුමාර බටහිර ඉන්දීය කොදෙව් බලා පියඹද්දී දුනිත් වෙල්ලාලගේගේට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තහංචියක්
එංගලන්තයට එරෙහිව තරග 6ක සුපිරි සටනකට සැප්තැම්බර් 15 දා ශ්‍රී ලංකාව පිටත්වෙයි