ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ඉන්දීය ඒ කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය තිලක් වර්මා හට පවරා ඇති අතර මෙවර අයි පී එල් තරඟාවලියේදී අතිශය දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් රැසක් සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
රියන් පරාග් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන අතර වයස අවුරුදු 15ක යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිගේ ඇතුළත් වීම ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, ඉන්දියා ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම සීමිත පන්දුවාර තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙයට අමතරව ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින තරඟ සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සත්කාරකත්වය ලබා දීමට නියමිතය.
ප්‍රභ්සිම්රන් සිං, කුමාර් කුෂාග්රා වැනි දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත මෙම ප්‍රබල ඉන්දීය සංචිතය මෙරටට පැමිණීමත් සමඟ ජුනි මාසයේ ක්‍රිකට් පිටිය උණුසුම් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.
⚠️ නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න ⚠️

පළමු ඕවරයේදීම ලකුණු 0යි කඩුලු 3යි: ඔලී රොබින්සන්ගෙන් නවසීලන්තයට අදහාගත නොහැකි ප්‍රහාරයක් ! 2024 න් පසු නව වාර්තාවක්
LPL තරගාවලියේ මහනුවර රෝයල්ස් කණ්ඩායමට හිමි වූ ප්‍රබල ඇෆ්ගන් ක්‍රීඩකයා හදිසියේම ඉවත් වූ සංවේදී හේතුව මෙන්න.
බ.ඉන්දීය කොදෙව් තරඟාවලිය ශ්‍රී ලංකාවට මෙච්චර තීරණාත්මක වන්නෙ ඇයි! විස්තරය මෙන්න
LPL 2026 කණ්ඩායම් පහේ ක්‍රීඩකයින්ගෙ නම් ලයිස්තුව අලුත් වෙය්
ඊයේ තරඟයෙන් වෙනස් වූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ලකුණු 1,000 ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුව මෙන්න!
පැතුම් සහ කුසල්ගේ විශිෂ්ට ඉනිම් සමඟින් ශ්‍රී ලංකාවට ජයක්!