Menu

දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් සටනට ඉන්දියාවෙන් ප්‍රබල සංචිතයක් නම් කරයි! IPL තරු රැසක් සමගින් ඉන්දීය නායකත්වය වෙනස් වෙයි

116

ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ඉන්දීය ඒ කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය තිලක් වර්මා හට පවරා ඇති අතර මෙවර අයි පී එල් තරඟාවලියේදී අතිශය දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් රැසක් සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

රියන් පරාග් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන අතර වයස අවුරුදු 15ක යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිගේ ඇතුළත් වීම ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, ඉන්දියා ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම සීමිත පන්දුවාර තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙයට අමතරව ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින තරඟ සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සත්කාරකත්වය ලබා දීමට නියමිතය.

ප්‍රභ්සිම්රන් සිං, කුමාර් කුෂාග්‍රා වැනි දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත මෙම ප්‍රබල ඉන්දීය සංචිතය මෙරටට පැමිණීමත් සමඟ ජුනි මාසයේ ක්‍රිකට් පිටිය උණුසුම් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.

⚠️ නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න ⚠️

https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *